Thursday, July 7, 2016

අප අතරේ වැඩ වසනා 
අප අතරේ වැඩ වසනා - ජීවමාන යේසු 
අප තුළ පුදුමදේ කල - ජීවමාන යේසු 
අප ළගින් නිතර සිටින - ජීවමාන යේසු 
අප හට නිතර ජය දෙන - ජීවමාන යේසු 
අප යේසු ජීවමානයි //// 
හෝ... හෝ... හෝ... පුදුමයි පුදුමයි 
අපේ රජුන් 
හෝ... හෝ... හෝ... බලවත් බලවත් 
අපේ රජුන් 
අප කිතුණු සටන ජය ගන්නට 
මගේ යේසු ජීවමානයි 
අප අතරේ.... 
හෝ... හෝ... හෝ... පුදුමයි පුදුමයි 
දෙව් වචනේ 
හෝ... හෝ... හෝ... බලවත් බලවත් 
සමිදුන්ගේ ලේ 
අප කිතුණු සටන ජය ගන්නට 
මගේ යේසු ජීවමානයි 
ඒ ලේ ගැලුවේ මා නිසයි 
ඒ කය බිඳුනේ මා නිසයි 
දෙව් පුත් මරුනේ මා නිසයි 
අද මා මිදුනේ ජේසුස් නිසයි 

කුරුසයේ නැගුනා-දෙව් පුත් මැරුණා 
යාගය පිදුනා 
පිළිගන්නේ නම් සදා 
ලබනෙම් ජිවය සදා // 

ඒ තුන් වෙනිදා පර්වත බිඳුනා 
මරණෙන් නැගුනා 
අදහන්නේ නම් මෙමා 
ලබනෙම් ජිවය සදා // 

Tuesday, June 23, 2015

කුරුසියේදී දිවි පිදුවා

  කුරුසියේදී දිවි පිදුවා

කුරුසියේදී දිවි පිදුවා මා ගලවන්නට
ලේ දහරා ගලා ගියා මා මුදවන්නට//
මා ආදරෙයි යේසු////
දෑත් සිදුරු වුයේ මා නිසයි
දෙපා සිදුරු වුයේ මා නිසයි//
මා ගලවා ගත්තා මගේ යේසු
මා ගලවා ගත්තා
මා මුදවා ගත්තා මගේ යේසු
මා මුදවා ගත්තා
මා ආදරෙයි යේසු////
සිරස සිදුරු වුයේ මා නිසයි
ඇලය සිදුරු වුයේ මා නිසයි//
මා ගලවා ගත්තා මගේ යේසු
මා ගලවා ගත්තා
මා මුදවා ගත්තා මගේ යේසු
මා මුදවා ගත්තා
මා ආදරෙයි යේසු////

Monday, February 24, 2014

ohu apage mawumkaruya.



ඔහු අපගේ මැවුම්කරු ය.
ලෝකය මැව්..දෙවිදුන්ය
ඔහු මැවූ කන්දක..නිමකළ ගසමත
මැවිල්ල ඔහු ඇන ගැසුවේය.....//

කිලිටි නොවූ ඔහු ගසට යවන්නට
තීරණ කරනුය් සොරෙකුට සේ.
රත්නිල් වස්ත්‍ර ද කටුඔටුන්නද
සතුටු සිතින් ඇන්දේ...

ඔහු අපගේ.....

 අනුන්ගේ පාපය සුව ඇත්නන්හට
එනමුදු සිරුරට කසපහර 
නොබලයි රවලා.. දෑසම දුරලා 
අප උදෙසයි මැරුණේ 

ඔහු අපගේ...

මවුම්කරුන් හට කවටකමින් 
මැවිල්ල මෙතරම් නපුරු උනත්..
මරණේ මොහොතේ ඔවුන්ගේ පාපෙට.
සතුටින් කමාකලේ..

ඔහු අපගේ...//


Tuesday, April 9, 2013

දස පණත



නික්මයාම
- 20 වන පරිච්ඡේදය -
                                       


1 දෙවියන් වහන්සේ කතා කොට මේ සියලු ආඥා වදාළ සේක: 2 ''වහල්කමේ නිවාසය වූ මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ මම ය. 
3 ''මා හැර අන් කිසි ම දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතු ය.'' 
4 ''නුඹ සඳහා නෙළූ රූපයක් හෝ ඉහළ අහසෙහි වත්, පහළ පොළොවෙහි වත්, පොළොවෙන් යට ජලයෙහි වත් ඇති කිසි ම වස්තුවකට සමාන දෙයක් හෝ සාදා නොගන්න. 5 නුඹ ඒවාට නමස්කාර නොකරන්න; ඒවාට නොවඳින්න. මන්ද, නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු වන බැවිනි. මට වෛර කරන පියවරුන්ගේ පාපය නිසා තුන් වන, සතර වන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඬුවම් කරමි. 6 එහෙත්, මට ප්‍රේම කරමින් මාගේ ආඥා පිළිපදින දහස් ගණන් අයට මම කරුණාව දක්වමි. 
7 ''නුඹ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය අගරු ලෙස භාවිතා නොකරව. යමෙක් ඒ නාමය අගරු ලෙස භාවිතා කරන්නේ ද ඔහුට මම දඬුවම් කරමි.'' 
8 ''සබත් දවස ශුද්ධ ලෙස පැවැත්වීමට සිතට ගන්න. 9 දවස් හයක් තුළ නුඹ වෙහෙස වී නුඹේ සියලු වැඩ කළ යුතු ය. 10 එහෙත්, හත් වන දවස නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට කැප වූ සබත ය. එදින නුඹ වත්, නුඹේ පුතු වත්, දුව වත්, නුඹේ සේවකයා වත්, සේවිකාව වත්, නුඹේ සතෙකු වත්, නුඹේ වාසල් දොරටු සීමා ඇතුළ සිටින අමුත්තෙකු වත් කිසි වැඩක් නොකළ යුතු ය. 11 මන්ද, සමිඳාණන් වහන්සේ වන මම දින හයක් තුළ අහස හා පොළොව ද, සමුද්‍රය ද, ඒවායේ ඇති සියල්ල ද සාදා, සත් වන දවස නිවාඩු ගත්තෙමි. එබැවින් උන් වහන්සේ සබත් දවසට ආශීර්වාද කොට එය විශුද්ධ කළ සේක. 
12 ''නුඹේ පියාට ද, මවට ද ගෞරව කරව. එවිට නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ නුඹට දෙන රටේ නුඹ බොහෝ කාලයක් ජීවත් වන්නෙහි ය. 
13 ''මිනී නොමරව. 
14 ''කාමමිථ්‍යාචාරය නොකරව. 
15 ''සොරකම් නොකරව. 
16 ''නුඹේ අසල්වැසියාට විරුද්ධ ව බොරු සාක්ෂි නොකියව. 
17 ''නුඹේ අසල්වැසියාගේ ගෘහයට නුඹ ඇළුම් නොකරව. තවද, නුඹේ අසල්වැසියාගේ භාර්යාවට හෝ ඔහුගේ සේවකයාට හෝ සේවිකාවට හෝ ඔහුගේ ගවයාට හෝ කොටළුවාට හෝ නුඹේ අසල්වැසියා සතු වෙනත් කිසිවකට හෝ ඇළුම් නොකරව.''



Sunday, April 7, 2013

හිය වදුනාවූ.




හිය වදුනාවූ ලේ ගලනා
හස්තේ තබා සුව කරන් මා..//ආ..ආ..ආ...

දැරුවා වූ කටු ඔටුන නිසා
මා මනස සුව ලැබුවා 
ලැබුවා වූ කස පහර නිසා
 මා ගත සුව ලැබුවා

ජේසුනි ////....////

ඔබ ළය සිදුරෙන් පිය සෙනේහස
ගලා ගියා ජේසුනි //

ජේසුනි ////....////


හිය වදුනාවූ ලේ ගලනා
හස්තේ තබා සුව කරන් මා..//ආ..ආ..ආ...


ජේසුනි ////....////